පුළුවන් තරම් නිවෙස් වලට වෙලා ඉන්න -ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Report
3Shares

‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ ඊයේ(22) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක රටවල් 17 කින් පැමිණි විදේශිකයින් 31 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3506 දෙනෙකු මේ වන විට නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවයි.

එසේම ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට මහජනතාව වෙළඳසැල්වටල එක්රැස් වන විට මීටරයක පරතරයක් වන දුර ප්‍රමාණයක් එකිනෙකා අතර පවත්වා ගත යුතු බවද දැනුම් දෙනු ලැබීය.

කොවිඩ් - 19 වෛරසය වැඩිහිටි වයෝවෘර්ධ අයවලුන්ට ආසාදනය වීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ඔවුන් බාහිර පරිසරයට නිරාවරණය නොවී නිවාසවලට සීමා විය යුතු බවත් යුද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

වීඩියෝව පහතින්..


543 total views