සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා නාවික හමුදා සහය

Report
5Shares

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කර තිබේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින ඇඳිරිනීති වාතාවරණය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව මහජනතාව අතර බෙදා හැරීම සඳහා රජය විසින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවති.

එම භාණ්ඩ එක්රැස් කර බෙදාහරින එ‍‍ඩේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයෙහි භාණ්ඩ සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාව අද (25) සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙම ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එහිදී එම කටයුතු සඳහා සහය ලබාදෙන නාවික පිරිස් හට එම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද කටයුතු කරන ලදි.