ඉදිරි සති දෙක තීරණාත්මකයි. ඇඳිරි නීතිය දිගටම... දැඩි තීරණ ගන්නවා... ජනපති කියයි

Report
154Shares

ඉදිරි සති දෙකක කාලය ඉතාමත් තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබෙනවා.

එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අවසානයට හමුවූ රෝගියාගේ සම්බන්ධකම් සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කරන බවත්, ලංකාව ඉතාලියක් වනු දැකීමට අකමැති හෙයින් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරනය කළා.

5391 total views