ඉදිරි පැය කිහිපය පිළිබඳව ඔබ විශේෂයෙන් දැනුවත් වන්න

Report
49Shares

දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය බස්නාහිර සහ උතුර පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට හැර අනෙකුත් ප්‍රදේශවලට අද උදෑසන හයට තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

මෙලෙස ඉවත් කළ ඇදිරිනීතිය දහවල් 12.00 ට යළි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උතුර පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිිරි නීතිය හෙට පෙරවරු 6.00ට ඉවත් කර යළි දහවල් 12.00 ට ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

දිවයිනේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් සහ කුඩා තේ වතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන කටයුතුවල යෙදෙන ජනතාවට ඒ සඳහා අවසර ලබාදී තිබෙනවා.

සහල් ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම එළවළු ප්‍රවාහනයටද තවදුරටත් ඉඩ සැළසෙන බවයි රජය ප්‍රකාශ කරන්නේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඇඳිරි නීතිය ලිහිල් කළද නිවෙස්වල නිරෝධායනයේ යෙදී සිටින පිරිස් තවදුරටත් නිවෙස්වල රැඳී සිටිය යුතු බවයි.

2149 total views