යාපනය දිස්ත්‍රික්කයේ තත්ත්වය භයානකයි...නැවත දැනුම් දෙන තුරු ඇදිරිනීතිය දීර්ඝ කරයි

Report
23Shares

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබුණද මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනා ගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතී.

මේ අතර අද(26) උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

1452 total views