අඩු ආදායම් ලාභීන්ට නොමිලයේ එළවළු මල්ලක්

Report
25Shares



දිවයින පුරා පැතිරී යන කොරෝනා වසංගය හේතුවෙන් ඇදිරි නිතිය පැනවු අවස්ථාවේ ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.ඩී.ඒ.කේ දේවප්‍රිය මහතාගේ හා අමුණුගොඩ උතුර හා දකුණ ග්‍රාම නිලධාරිණියගේ අධීක්ෂණය යටතේ අමුණුගොඩ ප්‍රදේශයෙයේ අඩු ආදායම් ලාභී පවුල් දහසක් සදහා එළවළු බෑගය බැගින් නොමිලයේ ලබාදීමේ වැඩ සටහනක් අද (26)දහවල් ක්‍රියාත්මක විය.

අමුණුගොඩ ප්‍රදේශයේ ධානපතියකුවු නිශාන්ත හපුආරච්චි මහතා සිය ධන පරිත්‍යාගයෙන් මෙසේ එළවළු බෑගයක් බැගින් ලබාදීමට පියවර ගෙන ඇත.රටේ පවතින කොරෝනා ව්‍යසනය නිසා දිවයින පුරා ඇදිරි නීතිය දින කිහිපයක් තිස්සේ පනවා තිබීම හේතුවෙන් අඩු ආදායම් ලාභී පවුල් දැඩි අසරණ තත්ත්වයට පත්වී තිබේ. එම ජනතාවට මේවැනි අවස්ථාවක සිය ජීවනෝපාය කරගෙන යාම නොහැකිව ඉතා අසරණ තත්ත්වයකට පත්වී ඇති බැවින් ,රජය ගෙනයන නිරෝධානය වැඩ සටහනට සහායක් දැක්වීම හේතුවෙන් නොමිලයේ එළවළු බෑගයක් පවුල්දහසක් සදහා පරිත්‍යාග කිරීමට පියවර ගත් බවද නිශාන්ත මහතා පැවසුවේය.

1301 total views