අභ්‍යසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන් කොරෝනා මර්ධන වැඩසටහනට යොදා ගැනීමට තීරණයක්

Report
57Shares

මේ මොහොතේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගියදා අභ්‍යසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන් කොරෝනා මර්ධන වැඩසටහනට සහය කර ගැනීමට සෞඛ අමාත්‍යංශය එකඟතාවය පළ කර තිබෙනවා.

එබැවින් දැනට පවතින කොරෝනා වෛරසය මැඩලීමට සහයවීම පිණිස දැනට සේවයට වාර්ථා කර ඇති සියලු අභ්‍යාසලාභී උපාධිධාරීන් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කළ යුතු බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් .හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමේදී හෙතෙම පැවසුවේ, අභ්‍යසලාභීන් ලෙස බඳවා ගත් සියලු උපාධිධාරීන් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත වාර්ථා කළ යුතු බවයි.

ඒ අනුව ඔවුන් බොහෝ විට ලබන සඳුදා දිනය වන විට සේවයට පැමිණෙනු ඇතැයි හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, මෙය අදාල වන්නේ පසුගියදා උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලැබුණද, පුහුණු අභාසලාභීන් ලෙස වැඩ භාරගත් උපාධිධාරීන්ට බවයි.

එම නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

2962 total views