රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කරයි

Report
2Shares

රුසියාව තුළ ඉදිරි සතිය "වැඩ නොකරන සතියක්" ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති වැලැද්දිමිර් පුටින් (Vladimir Putin) තීරණය කර තිබේ.

වෛරසය පැතිරීම පාලනයට මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේනමුත් පවතින ‍වාතාවරණය හමුවේ එය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ලබන 05වැනිදා තීරණය කරනු ඇති බව ද සඳහන්.

එරට රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවසේ රැඳී සිටින ලෙසයි.

රුසියාවේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් 1,264ක් වාර්තා වන අතර 4දෙනෙක් මියගොස් ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.