මත්පැන් ජාවාරම් කරුවන් කොටු

Report
2Shares

ඇදිරි නීති සමයේ අක්මීමන ,වතුගෙදර ,තල්ගම්පල,කොටගොඩ යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්පැන් ජාවාරම් කරන ස්ථාන වටලා රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් (125000/-) මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 05 දෙනෙකු දකුණු පලාත් සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 21150 ක් තිබු බව දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්පැන් ජාවාරම ඉතා සුක්ෂම අයුරින් සිදුකරමින් සිටි කාන්තාවක්ද සිටින බව සුරාබදු නිලධාරීන් පවසයි.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමත් සමගින් එය මැඩ පැවැත්වීම සදහා රජය නිරෝධායන කටයුතු දියත් කිරීමත් සමගින් ජනතාව එක්රැස් වීමෙන් වලක්වා ලීම සදහා කටයුතු කිරීමට පියවර ගෙන තිබිණ. ඒ සදහා ඇදිරි නීතිය පැනවීමට කටයුතු කිරීමත් සමගින් දිවයින පුරා සියළුම මත්පැන් අලෙවි සැල් වසා දැමීමට රජය නියෝග කොට තිබිණ.

සියළුම සුරාසැල් වසා තබන අවධියක නීති විරෝධී මත්පැන් ජාවාරම ඉතා රහසිගතව කරගෙන යාමට මෙම ජාවාරම් කරුවන් නිරත වී සිටියදී දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය හා ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා මත්පැන් ජාවාරම් කරුවන්කොටු කරගෙන තිබිණ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී ගාල්ල හා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ .බෝදරගම ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, දකුණු පලාත් සහකාර සුරාබදු කොමාසාරින් චන්න වීරක්කොඩි මහතාගේ අධීක්ෂණය යටතේ ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර ,ගාල්ල සුරාබදු ස්ථානයේ නියාමක වරුන්වන ,විරාජ්,සපරමාදු ,ධනංජය,රියදුරු ශෂික,විශේෂ මෙහෙයුම් ඒකකයේ නියාමක සම්පත් හා සිල්වා යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.