කොරෝනා සම්බන්ධයෙන් බොරු ප්‍රචාර සිදු කළ කාන්තාවට වැඩ වරදියි.

Report
18Shares

කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීමේ සිද්ධියට අදාළව වාද්දුව ප්‍රදේශයේදී කාන්තාවක් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් එම කාන්තාව ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ, සැකකාරිය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එසේම අන්තර්ජාලය භාවිත කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.