බ්‍රිතාන්‍ය අගමැති යළි වැඩ අරඹයි..

Report
2Shares

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් (Boris Johnson) ඊයේ(26) දින යළි සිය රාජකාරී ආරම්භ කර ඇත.

සති තුනකට වැඩි කාලයක් රෝගාතුරව සිටීමෙන් අනතුරුව මෙලෙස ඔහු සිය රාජකාරි අරඹා තිබේ.

බ්‍රිතාන්‍යය, කොරෝනා වෛරසය පැතිරයාමේ උපරිම අවදානමක පසුවන බවත් රට අඟුලු දමා ඇති මේ මොහොත් ඉවසීම නැති කර නොගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා ජනතාව අමතමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මහජනයාගේ “උත්සාහය හා පරිත්‍යාගය” ඉවත දමා ඉක්මනින් අගුලු දැමීම ලිහිල් කිරීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කර ඇත.

අගමැතිවරයා මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි තම සගයන්ට මෙන්ම මහජනතාවටද ස්තූතිවන්ත විය.