රිෂි කපූර් සිය ජීවන රඟමඩලෙන් සමුගැනීමට පෙර සිදුකල අවසන් පිලිසඳර (Exclusive)

Report
15Shares

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වන රිෂි කපුර් අද දින අභාවප්‍රාප්ත වුණා.

ඔහු 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර නිව්යෝක් හි වසරක ප්‍රතිකාරයකින් පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණි බවයි සඳහන් වන්නේ.

ස්වසන අපහසුතාවක් හේතුවෙන් පසු බදාදා උදෑසන ඔහුව මුම්බායි හි රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.

කෙසේවුවත් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67ක්.

ඔහු සිය සිනමා නාමය ඉන්දීය සිනමා කේෂේත්‍රයේ සනිටුහන් කිරීමට සමත් වූයේ 1973 වසරේදී බොබී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟදක්වමිනි.

එසේම ඔහු රඟපෑ සර්ගම්, නාගීනා, චාන්දනී, දීවානා වැනි සිනමාපට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් අතිශය ජනප්‍රියත්වයට පත් විය.

එසේම ඔහු ජනප්‍රිය නළු රන්බීර් කපුර්ගේ පියාද වනවා.

1952 වසරේ සප්තම්බෙර් මස 04 වැනි දින මුම්බායිහි මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයේ රිෂි කපූර් මෙලොව බිහි විය. මිය යන විට 67 වන වියේ පසුවූ ඔහු 1980 වසරේ දී නෙතු සිංග් සමග යුග දිවියට එක්වූ අතර ප්‍රවීන බොලිවුඩ් නළු රන්බීර් කපුර් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ද වනවා.

1970 වසරේ සිය පියා වූ රාජ් කපුර් සමග 'මෙරා නාම් ජෝකර්' හින්දි චිත්‍රපටයේ ළමා නළුවෙකු ලෙස රිෂි කපූර් මුල්ම රංගනයට එක්වූ අතර එම චිත්‍රපටය වෙනුවෙන් හොඳම ළමා නළුවා ලෙස ඉන්දීය ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ඉන් අනතුරුව රිෂි කපූර් සිය තරුණ වියේ පෙම්වතෙකු ලෙස බොලිවුඩ් ජනතාවගේ සිත් දිනා ගනු ලැබුවේ 1973 වසරේ ට්වින්කල් ඛන්නා සමග රඟපෑ බොබී චිත්‍රපටයෙනුයි.

එම චිත්‍රපටය වෙනුවෙන් රිෂි කපූර්ට film fair සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානයද හිමි වුනා.

1973 වසරේ සිට 2000 වර්ෂය දක්වා රිෂි කපුර් චිත්‍රපට 92ක ප්‍රධාන චරිත සඳහා සිය දායකත්වය ලබා දුන්නා.

අතුරෙන් ඛෙල් ඛෙල් මෙඉන්, කභි කභි, අමර් අක්බාර් ඇන්තනි, බෝල් රාධා බෝල්, කාස්, චාන්දනී වැනි චිත්‍රපට ඔහුට වඩාත් ප්‍රසිද්ධියක් ගෙන දුන්නා.

රිෂි කපූර් ජිවිතයෙන් සමු ගැනීමට පෙර සිදුකල අවසාන පිලිසඳර දැක්වෙන වීඩියෝවක් ගගන වෙත ලැබුනා. එම වීඩියෝව පහතින් බලන්න.

රිෂි කපූර්ගේ අවමංගල්‍යය අවස්ථාවට රන්බීර් කපූර් ඇතුළු සාමාජිකයින් සහභාගී වී සිටියේ මේ අයුරින්..


මේඅතර රිෂි කපුර්ගේ මරණය සිදුවන්නේ බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී දිනකට පසුව වීමද විශේෂත්වයක්.

බොලිවුඩය මෙන්ම හොලිවුඩ් සිනමාවේද ජනප්‍රියත්වයක් හිමිකරගත් සුපිරි ඉන්දීය සිනමා නළු ඉර්ෆාන් ඛාන් ද ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලකදී ඊයේ (29) දින අභාවප්‍රාප්ත විය.