අගමැති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද…

Report
8Shares

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද දින පැවැත්වෙයි.

ඒ, අද පෙරවරු 10.30 ට අරලියගහ මන්දිරයේදීයි.

මෙම හමුව සඳහා පසුගියදා විසුරුවා හැරි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට හා 2010 සිට 2015 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බව සඳහන්.

මීට අමතරව මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම COVID-19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ද සහභාගි වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් මෙම හමුව සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව මේ වනවිටත් දැනුම් දී ඇත.

කෙසේනමුත් අද පැවැත්වෙන සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය සහභාගී වී සිටිනවා.

එහි නායක ආර්. සම්බන්ධන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්දිරන් ඊට එක්වන බවයි වාර්තා වූයේ.

එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය සහ ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂවල හිටපු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටින බවයි නිවේදනය කර තිබුනේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දේශවිමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවලහිටපු මන්ත්‍රීවරුන් රැසක් ද මෙම සාකච්ඡාවටඑක්ව සිටින බව සඳහන්ව තිබුනි.

එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක වි.ජ.මු.ලොකුබණ්ඩාර සහ මීට පෙර පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.

එසේම සාකච්ඡාව ආරම්භයේදී COVID-19 වසංගතයේ වර්තමානය හා ඉදිරි තත්ත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකර ඇත.

වීඩියෝව පහතින්..