මත්පැන් මිළදී ගද්දි කොරෝනා බද්දකුත් ගෙවන්න වෙයි..

Report
4Shares

මත්පැන් සිල්ලරට අලෙවි කිරීමේදී සීයයට 70ක විශේෂ බද්දක් අය කිරීමට නව දිල්ලි බලධාරින් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ "විශේෂ කොරෝනා ගාස්තුවක්" ලෙස මෙම විශේෂ බද්ද නම් කර ඇති බවයි.

අද (05) දින සිට එම විශේෂ බද්ද අය කිරීම සිදුකරනු ලබන බවත් සඳහන්.

කෙසේවෙතත් සති පහකට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් ඊයේ විවෘත කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය ගැන තැකීමක් නොකොට බොහෝ පිරිස් මත්පැන් මිලට ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුනු බව සඳහන්.

මේ අයුරින් ඒ සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා..


කෙසේවෙතත් මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණණ 46,476 වාර්තා වන අතර එරට මරණ සංඛ්‍යාව 1,571 ක් වෙයි.