ආහාර මිළ ගණන් ඉහළ යාම නිසා නොමිලේ පාන් බෙදලා..

Report
1Shares

COVID-19 හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත්, ආහාර මිල ගණන් ඉහළ යෑමත් නිසාවෙන් විශාල පිරිසකට නොමිලේ පාන් බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව පියවර ගෙන තිබේ.

එහි පළමු පියවර වශයෙන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදාදීමටයි එරට බලධාරීන් කටයුතු කර ඇත්තේ.

ඒ අනුව එක් දිනකදී ‘නාන්’ වර්ගයේ පාන් දහයක් එක පවුලකට ලැබේ.

මිල ගණන් ඉහළ ගිය අනෙක් ප්‍රදේශ හා නගරවලද නොමිලේ පාන් බෙදාදැමීම කඩිනමින් ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන ජනාධිපති මොහොමද් අෂ්රෆ් ඝානී (Mohammad Ashraf Ghani) සඳහන් කරයි.

ඇෆ්ගනිස්තානය යනු ලොව දුප්පත්ම රටවලින් එකක් වන අතර එරට ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙයි.

එසේම මේවන විට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,224ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 95 ක් ලෙස වාර්තා වල සඳහන්.

විදෙස් මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුනේ මෙලෙසිනි..