වෛරයේ සහ ද්වේෂයේ සුනාමියක් ඇතිවෙලා.. ජගත් සංවිධාන මහලේකම්ගෙන් ප්‍රකාශයක්..

Report
3Shares

COVID-19 ගෝලීය වසංගතයත් සමඟ වෛරයේ සහ ද්වේෂයේ සුනාමියක් ඇති වී තිබෙන බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් (António Guterres) පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

ඔහු පවසන්නේ මෙම වසංගතය අතරතුර වෛරයේ සුනාමියක් සහ අන්‍යයන් නුරුස්සන කණ්ඩායම් විවිධ පාර්ශවයන් වෙත දොස් පැවරීමට පටන් ගෙන ඇති බවයි.

ජගත් සංවිධාන මහලේකම්වරයා සඳහන් කරන්නේ මෙම වෛරී ප්‍රකාශ හා ක්‍රියාමාර්ග පරාද කිරීමට පියවර ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ලොව සැමවිටම දැනුවත් කරන ලෙස තමන් මාධ්‍යයෙන් සේම සමාජ මාධ්‍ය හසුරුවන සමාගම් වලින් ඉල්ලා සිටින බවත් ජාතිවාදී, වැරදි මතවාදයන් හා හානිකර අන්තර්ගත ඉවත් කරන ලෙස පැවසූ බවත් ඔහු සඳහන් කරයි.