තරුණියක මුදා ගැනීමට කොත්මලේ ජලාශයට පැන ජීවිතය අහිමි වූ තරුණයාගේ අවසන් කටයුතු අද

Report
1Shares

ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණිය මුදා ගැනීමට ජලාශයට පැන දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් ජාතික තරුණයාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඒ, ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භූමියේදියි.පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව 28 හැවිරිදි මොහුගේ දේහය ඊයේ පස්වරුවේ ඔහු පදිංචි ෆාමස්ටන් රත්නගිරිය ජනපදය වෙත රැගෙන ගොස් තිබුණා.

මේ අතර, ජලාශයට පැන දිවි හානි කර ගැනීමට තැත් කළ 22 හැවිරිදි තරුණිය තවදුරටත් ලිදුල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.