අධික වේගය නිසා ගේට්ටුවේ ගැටුණු තරුණයෙකු ජීවිතක්ෂයට.

Report
4Shares

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ගේට්ටුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ හැටන්, ඩන්බාර් විදියේ පදිංචි ප්‍රසාද් බුද්ධික නිරෝෂන් නැමැති (30) හැවිරිදි තරුණයෙක් බවයි හැටන් පොලිසිය පවසන්නේ.

හැටන් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.