ජලය පිරුණු වළකට වැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට.

Report
3Shares

වවුනියාව, සිදම්බරපුරම්, කට්කුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස පවත්වා ගෙන යන ගල් කොරියක තිබූ ජලය පිරුණු වළකට ඇද වැටී පාසල් සිසුවෙක් අද (24) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු නවයක පාසල් සිසුවෙක් බවයි පැවසෙන්නේ.

මෙම සිසුවා අද (24) දහවල් දිය නෑමට ගිය අවස්ථාවේදී ගල්වලේ ඉහළ කොටසින් ලිස්සා පහළ තිබූ ගැඹුරු දිය වළකට ඇද වැටී තිබෙනවා.

දිය වළට වැටුණු සිසුවා ඉන් ගොඩගෙන වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.