ආරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා. (වීඩියෝ)

Report
7Shares

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පවසා තිබෙනවා.

මෙම මස (26) දින පස්වරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතාට හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු අභවප්‍රාප්ත වී වුණා.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ දිවන්ගත සෞම්‍යයමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වයට පත්විය.

අවමංගල කමිටුව තිරණය කර තිබෙන්නේ, අභාවප්‍රාප්ත වු තොණ්ඩමන් මහතාගේ දේහය (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තබා, (28) දින පාර්ලිමේන්තුව සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර, පසුව දේහය කොළඹ 03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තැබිමටයි.

මෙම මස 29 දින කොත්මලේ රම්බොඩ පිහිටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන විත් එදින එහි තැන්පත් කර තබා, 30 දින තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය වෙත රැගෙන යනු ඇති බවටයි පැවසෙන්නේ.

මේ අනුව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසන්නේ, 31 දින ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍යය ගෞරව සහිතව නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බවයි.