කළු කොටියාට මන්ද ඇටවූ සකකරු අත්අඩංගුවට..කොටියා උඩවලව ඇත් අතුරු සෙවනට.

Report
2Shares

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ එලවළු වගා ගොවිපලක අටවා තිබු මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා පශු වෛද්‍යය වරුන් විසින් නිර්වින්දනය කර කොටියා මුදාගෙන මුලික ප්‍රතිකාර ලබා දි පසුව උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

එලවළු වගා ගොවිපලේ මන්ද ඇට වු සැකකරු වනජිවි නිලධාරින් විසින් (27) දින උදැසන සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු (27) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

වනජිවි නිලධාරින් පවසන්නේ, ශ්‍රි පාද රක්ෂිතයේ කළු කොටින් පස් දෙනෙකු පමණ වාසය කරන බවත්, මන්දට හසු වු කොටියා අවුරුදු 8 ක් පමණ වයසැති

දිගින් අඩි 8 , උසින් අඩි 4 පමණ හොදින් වැඩුණු පිරිමි සතෙකු බවයි.

ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.