අද සිට නුවර බදුල්ල අතර දුම්රිය දෙකක් ධාවනයට

Report
1Shares

නුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට නුවර දක්වාත් දුම්රිය දෙකක් අද (27)දිනයේ සිට සාමාන්‍ය ජනාතවගේ ගමන් පහසුව සදහා ධාවනයට එක්කොට තිබේ.

එම දුම්රිය දෙකම පෙරවරු 08.30 නුවර හා බදුල්ල යන දුම්රිය ස්ථාන දෙකෙන් ගමන් අරඹන අතර මෙම දුම්රියේ තම සේවා ස්ථානයේ හැදුනුම්පත ඉදිරිපත් කොට දුම්රිය ස්ථාන වලින් ප්‍රවේශපත්‍ර ලබාගෙන ගමන් කළහැකි බවද දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මේ ආකාරට ලබන සතිය වනවිට රජයේ හා සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුණ හොත් දුර ගමන් සේවා දුම්රියයන් ද ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

අද දිනයේත් අත්‍යවශ්‍ය සේවා සදහා රාජකාරිවලට යාමට 16500 ක නාමලේඛනයක් එවා තිබුණද මගීන් 14711 ක් පමණක් කැළණිවැලි ,මුහුදුබඩ ,පුත්තලම් හා ප්‍රධාන මාර්ගයේ ධාවනය වු දුම්රිය වල පැමිණි තිබිණ.

දිවයින පුරා ඇතිවු ධාරානිපාත වර්ෂාව හා සුළං තත්ත්වය නිසා ඊයේ දිනයේ කැළණි වැලි මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් ඇතිවිය.

මුහුදුබඩ මාර්ගයේ මගී ජනතාවගේ ගමන් පහසුව සදහා ඊයේ දිනයේ වෙනදා ධාවනය වන දුම්රිය ප්‍රමාණයට අමතරව ගාල්ල දක්වා දුම්රියයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබිණ. නමුත් කිසිදු දුම්රිය ස්ථානයකින් රාජකාරී සදහා ගමන් කිරීමට පැමිණි මගියකු හරවා යැවීමට කටයුතු නොකල අතර දුම්රිය ධාවනය වීමට පැයභාගයකට කලින් දුම්රිය ස්ථානයට පැමිණ තම සේවා ස්ථානයේ රාජකාරි හැදුනුම්පත ඉදිරිපත් කල මගීන් සියළු දෙනාමටම ප්‍රවේශපත්‍ර ලබාදී ටෝකන් එකක්ද ලබාදී දුම්රියේ ගමන් කිරීමට පියවර ගත් බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.