පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ.

Report
13Shares

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුවයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ, ඊයේ අලුයම මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම යන චෝදනා මතයි.

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට කිසියම් පිරිසක් ඊයේ අලුයම වෙඩි තැබීම සිදු කළ අතර එම සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති වුවත්,

ආපනශාලාවට අලාභ හානි සිදු වුණා.