කොරෝනා සමයේ ආසන වෙන්කල අයට ජුලි 01 සිට වටිනාකමට දුම්රිය ගමන් වාරයක්

Report
කොරෝනා සමයේ ආසන වෙන්කල අයට ජුලි 01 සිට වටිනාකමට දුම්රිය ගමන් වාරයක්
3Shares

කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ 20 වැනිදායින් පසු මගී දුම්රිය ධාවනය අත්හිටුවුවත් අදාල කාලසීමාවේ දුර ගමන් සදහා දුම්රිය ආසන වෙන්කරවාගත් අයට සිදුවු අපහසුතාවය හේතුවෙන් අනිද්දා (ජුලි පළමු වැනිදා) සිට ඒ වෙනුවට ඒ හා වටිනාකමක් ඇති දුම්රිය ගමන් වාරයක් ලබාදීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.

එනම් කොළඔ කොටුවේ සිට යාපනයට යාමට දුම්රිය ආසන වෙන්කල අයෙක් නම් ඔහුට හෝ ඇයට ඉදිරියේ දිනක එම ගමන් වාරය යාමට අනුමැතිය ලබා දිය හැකිය.

එසේ දුම්රිය ගමන් වාරයක් ලබා ගැණීමට අපහසු අය සදහා ඉදිරියේදී අදාල වෙන්කල ආසනයේ ගාස්තුව ගෙවීමට පියවර ගන්නා බව අතිරේක දුම්රිිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්ත ගේ මහතා පවසයි.

මාර්තු මස 20 වැනි දින සිට කොරෝනා වෛරසය හේතුවෙන් ඇදිරි නීතිය පැනවීමත් සමගින් දුම්රිය ධාවනයද අත්හිටුවීමට පියවර ගෙන තිබිණ. ඉන් අනතුරුව පසුගිය අප්‍රියෙල් මාසයේ අග භාගයේදී රට යථා තත්ත්වයට පත්වීමට පටන් ගැනීම ත් සමගින් ආයතන ප්‍රධානීන්ගේ අනුමැතියට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාලවල හා සේවා ස්ථානවල රාජකාරී කටයුතු ඇරඹිණ. එහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සීමිත පිරිසකට දුම්රියේ ගමන් කිරීමට අවසර ලැබිණ. නමුත් මේ වනවිට කොරෝනා ආසධිතයින් මෙරට තුළින් හමු නොවිමත් සමගින් දුම්රිය ධාවනයේ දුර ගමන්සේවා දුම්රිය ධාවනයද ක්‍රමක් ක්‍රමයෙන් ඇරඹිණ. ඒ හේතුව නිසා ජුලි 01 වැනිදා සිට දුරගමන් සේවා සදහා මාර්තු මාසයේ කලින් ආසන වෙන්කර ගත් මගීන් හට එවකට ගමන් කිරීමට නොහැකිවිම හේතුවෙන් ඔවුන් පත්වු අපහසුතාවය සළකා බලා ඒ වෙනුවට ඒ හා වටිනාකමකින් යුතු ගමන් වාරයක් සදහා ආසන පහසුකම් ලබාදීමට දුම්රියදෙපාර්තුමේන්තුවට තීරණය කොට තිබේ.