මොරගහහේන බස් ලොරි අනතුරින් පුද්ගලයෙකු මරුට.

Report
1Shares

මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ ඉදිරිපස ගමන්කරමින් සිටි පුද්ගලයෙකු බවටයි වාර්තාවන්නේ.

ලොරි රථය බස් රථය පසුකර යාමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති අතර මොරගහහේන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.