කුරුණෑගල පැරණි රජ මාළිගා පරිශ‍්‍රය කෞතුකාගාරයක් කරන බවට අගමැතිගෙන් උපදෙස්.

Report
1Shares

ක‍්‍රිස්තු වර්ෂ 14 වැනි සියවසට අයත් කුරුණෑගල පැරණි රජ මාළිගා පරිශ‍්‍රය කෞතුකාගාරයක් ලෙස ස්ථාපිත කරන ලෙසට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉතිහාසය තුළ කුරුණෑගල රාජධානියේ රජවරුන් 4 දෙනෙකු සිට ඇති අතර මේ නිසා කුරුණෑගල පැරණි රජ මාළිගා පරිශ‍්‍රය එම රජවරුන් භාවිතයට ගත් බවට පුරාවිද්‍යා සාධක බොහෝ තිබේ.

ක‍්‍රි.ව. 1293 වර්ෂයේ කුරුණෑගල රාජධානිය (හස්ති ශෛලපුර රාජධානිය) ආරම්භ වූ බවත් ක‍්‍රි.ව. 1333 දක්වා රජවරුන් සිව්දෙනෙකු විසින් එය පාලනය කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

වර්තමාන වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය වසර 200 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් වන අතර එය ඉංග‍්‍රීසීන් විසින් ඉදිකරන ලද්දක් වේ.

ඓතිහාසික කුරුණෑගල වැව පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් සිටිය දී 2003 වසරේ ජූලි මස 20 වැනි දින අඩි 32 ක දිගකින් යුත් පළල අඩි 5 1/2 පමණ වන කුඹුක් නිම කරන ලද දැව ඔරුවක් හමුවී තිබේ.

පුරා විද්‍යාඥයින්ගේ මතය වන්නේ මෙය අවුරුදු 800 ක් පමණ පැරණි එකක් බවයි.

තවද මෙහි ස්වභාවය අනුව මෙය රාජකීයන් විසින් පරිහරණය කරන ලද්දක් බවට ද තොරතුරු වාර්තා වේ.