නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු රැගෙන යයි.

Report
10Shares

නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට තොරතුරු වර්තාවනවා.

නාදුගල ප්‍රදේශයේදී මෙම පොලිස් නිලධාරියා නිල්වලා ගඟට වැටී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඊයේ දිනයේ ඔහුගේ ජංගම දුරකථනය ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ඔහු ගඟට ඇදවැටී ඇති බවත් අවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

එම අවස්ථාවේ කිඹුලෙකු විසින් මෙම පොලිස් නිළධාරියා ඩැහැගෙන ගිය බවයි සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොම්පඥවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

නාවික හමුදාව විසින් මේ වනවිට ඔහුගේ සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.