කතරගම ඇසළ උත්සවයට මේ මස 21 සිට ලබන 4 දක්වා සුරාසැල් වසයි.

Report
කතරගම ඇසළ උත්සවයට මේ මස 21 සිට ලබන 4 දක්වා සුරාසැල් වසයි.
4Shares

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් මේ මස 21 වන දින සිට අගො'ස්තු මස 04 දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීම සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා තීරණය කොට ඇත.

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත්පැන් අලෙවි කිරීම සදහා බලපත්‍ර ලත් රටබීම හල් , ආපනශාලා, සංචාරක හෝටල, අවන්හල් හා නිවාඩු නිකේතන වල මත්පැන් අලෙවිය මේ අනුව සපුරා තහනම් කොට ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.


මෙම කාල සීමාව ආවරණය කරමින් ඌව සහ දකුණු පලාත් නියෝජනය කරණ සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති අතර ඇසල උත්සව කාල සීමාව තුල ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇත.

කතරගම දේවාල පුදබිම තුල සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.

ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය එම කාලසීමාව තුල මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සදහා දරණ මෙම උත්සාහයට සහායවන ලෙස ඒ සදහා සහභාගී වීමට අපේක්ෂා කරණ සියලු ජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.