මුහුදට ගසාගෙන ගිය සහෝදරියන් දෙදෙනාගේ සිරුරු ගොඩ ගසයි.

Report
3Shares

බේරුවල, මග්ගොන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටියදී සහෝදරියන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

අද උදෑසන ඔවුන්ගේ සිරුරු මග්ගොන ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට වෙරළට ගොඩගසා ඇත.

ප්‍රදේශවාසීන් පයාගල, පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මියගිය දෙදෙනාගේ පවුලේ සාමාජිකයින් කැඳවීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඊයේ පස්වරුවේ බේරුවල ජුම්මා දේවස්ථානය පිටුපස වෙරළ තීරයට මෙම පිරිස පැමිණ තිබුණේ එහි විනෝද වීමේ අරමුණින් වන අතර මුහුදු රළ පාගමින් සිටියදී හදිසියේ පැමිණි රළ පහරකට ඔවුන් ගසාගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.