නාත්තන්ඩියේදී තරුණය යුවල අනතුරට ලක්කළ දේශපාලන යතුරු පැදි සවාරිය.

Report
9Shares

යතුරු පැදිවල නැගී ආනාරක්ෂිතව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකරන අයුරු මේ දිනවල සමාජයේ සංවාදයට ලක්වී තිබෙනවා.

එවැනි අවස්ථාවකට සහභාගිවීම සඳහා යමින් සිටි යතුරු පැදියක් පසුගිය දිනක නාත්තන්ඩියේදී තරුණ යුවලක් අනතුරට ලක් කර තිබුණා.

තරුණයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාද්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය ඉරිදා උදෑසන 10 ට පමණ නාත්තන්ඩියේදී මෙම අනතුර සිදුව තිබිණ.

තල්ගහපිටියේ සිට මෝදර දක්වා කුඩා යතුරු පැදියක ගමන්කරමින් සිටි තරුණ යුවලක් නාත්තණ්ඩියේදී විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි යතුරු පැදියේ ගැටී තිබේ.

පොලීසිය පැවසුවේ අනතුර සිදුකළ යතුරු පැදිය මෙරට ලියාපදිංචි කර නොමැති බවයි.

එන්ජින් ධාරිතාව සීසී 450 දක්වා යතුරු පැදි මෙරට ලියාපදිංචි කළ හැකි අතර එය ඉක්මවා ඇති යතුරු පැදි මෙරට තුළ ධාවනය තහනම් වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු 26 හැවිරිදි අශේන් අවිශ්ක නමැති තරුණයා දින 5 ක් තිස්සේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ බිරිඳ මේ අනතුරින් තුවාල ලැබුවා ය.

මේ යුවල විවාහවී තිබුණේ, පසුගිය ජනවාරි මාසයේදී යි.