තීරු බදු වංචා කරමින් එවා තිබු කෝටි 6 ක භාණඩ කන්ටේනරයක් රේගුවේදී කොටු

Report
 තීරු බදු වංචා කරමින් එවා තිබු කෝටි 6 ක භාණඩ කන්ටේනරයක් රේගුවේදී කොටු
1Shares

එංගලන්තයේ සිට වංචනික ලෙස මෙරටට එවා තිබු රුපියල් කෝටි හයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් අඩංගු කන්ටේනරයක් සමගින් කොළඔ ප්‍රදේශයේ පුද්ගලයකු රේගු ආදායම් අධීක්ෂණ නිලධාරීන් අද දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයා එංගලන්තයේ පංදිචි ශ්‍රී ලාංකිකයින්ගේ නම් වලට (විදේස් ගමන් බලපත් වලට)මෙම භාණ්ඩ තොගය එවා ඇති අතර මගී පෞද්ගලික භාණඩ තීරු බදු වලින් කිසියම් වටිනාකමක් සදහා නිදහස් බැවින් තීරු බදු වංචනික ලෙස ලබා ගැනීමට සැරසෙද්දී රේගු බුද්ධි අංශ නිලධාරීන් අදාල භාණ්ඩ තොගය කොටු කර ගැනීමට සමත්වු බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී .රවිප්‍රිය මහතා පවසයි.

කන්ටේනරය තුළ මිල අධික චොකලට් හා මිල අධික ආහාර ද්‍රව්‍ය ,බේබි පැම්පස් ,තාවකාලිකව තහනම් කර ඇති භාණ්ඩ තොගයක් තිබී සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත..අදාල භාණ්ඩවල මිල පාලන ලේබල් ,කල් ඉකුත්වන ලේබල් සියල්ල ඇලවිය යුතු වෙයි.ඒවායේ නිශ්චිත වශයෙන්ම තිබෙන්නේ මොනවාද යන්න තාම පරික්ෂා කරමින් පවතින අතර මේ වා මගී පෞද්ගලික භාණ්ඩ තීරු බදු වලින් යම් කිසි වටිනාකමක් සදහා කොටසක් තීරු බදු වලින් නිදහස් වන බැවින් ඒ යටතේ වංචනික ලෙස ලබාගන්න මගී කිහිපදෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර සමගින් ඉදිරිපත් කොට රැගෙන යාමට කොළඔ ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ අවස්ථාවේ ඔහු රේගුවේ රදවා ගෙන මේ වනවිට ප්‍රශ්න කරමින් පවතිනු ඇත.

තාමත් භාණ්ඩවල නිෂ්චිත වශයෙන්ම වටිනාකමක් සදහන් කලනොහැකි අතර සිද්ධිය පිළිබදව රේගු නිලධාරීන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජි.වී රවිප්‍රිය මහතාගේ උපදෙස් මත රේගු අධිකාරීවරුන් වන ධර්ම ප්‍රියන්ත හා අරුලානන්දන් මහත්වරු සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන පවත්වයි.