බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි...10 කට තුවාලයි.

Report
5Shares

ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ අද (15) උදැසන 7.45 ට පමණ වන අතර, ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදීයි.

එම අවස්ථාවේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහන කල බස් රථය තුළ 25 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ලංගම බස් රථයේ මගින් 30 කට ආසන්න පිරිසක් සිටි බවයි නොර්වුඩ් පොලීසිය ප්‍රකාශ කළේ.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ, රෝහල වෙත ඇතුළත් කළ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් දෙදෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් අට දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඇගළුම් කර්මාන්ත සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, එම බස් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.