ත්‍රීරෝද රථ සහ යතුරුපැදි රියදුරන්ට විශේෂ දැනුම් දීමක්.

Report
5Shares

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි හෙට සිට ධාවනය කළ හැක්කේ වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (15) රාජගිරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු පැවසුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සෑම මංතීරුවකටම මාරු වෙමින් ධාවනය වෙන බැවින් එය ගැටලුවක් බවයි. එයට ප්‍රතිකර්මයක් ලෙස එම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“ඒ නිසා හෙට දවස මේ කටයුත්තේ පෙරහුරුව යොදාගෙන තිබෙන අවසාන දිනයයි.

ඒ නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යතුරපැදිකරුවන්ගෙන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් හෙට දවසේ මේ අත්හදාබැලීම සාර්ථක කර ගැනීම සඳහා වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් යතුරුපැදි, පාපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කරන්න,“ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

"එහිදී තමා ඉදිරිපිටින් ගමන් කරන බස් රථය බස් නැවතුම්පොළක නතර කළ අවස්ථාවේ දී සුළු ප්‍රමාදයක් ඔබට ඇතිවෙයි. එය ඉතාම ඉවසිල් වන්තව සිට ගමන් කරන්න,“ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.