නොසිතූ මොහොතක බිහිසුණු ලෙස ජීවිත තුනක් බිළි ගත් අනතුර.

Report
8Shares

රත්නපුර - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝධ රථයක ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 48,53 සහ 57 යන වයස්වල පසුවූ පුද්ගලයින් තිදෙනෙක්.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය‍ වැඩිදුර විමර්ශන සිදුකරයි.