ගැබිණි කාන්තාවක් සිදු කළ ජාවරමක් පොලිසියට මාට්ටු වෙයි.

Report
5Shares

බෙන්තොට, පහුරුමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී ගැබිණි කාන්තාවක් සිදුකරගෙන ගිය කේරල ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිය සැමියා සමඟ කේරල ගංජා තොගයක් බෙන්තොට ප්‍රදේශයේ ගැණුම්කරුවන් වෙත ලබාදීමට ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

වෛද්‍යවරයෙකු වෙත යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මෙලෙස ගංජා ජාවාරමේ නිරත වී ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරයි.