හෙරොයින් ජාවාරම් කරුවන් 6 ක් අත්අඩංගුවට

Report
හෙරොයින් ජාවාරම් කරුවන් 6 ක් අත්අඩංගුවට
1Shares

අනුරාධපුර නගරයේ සිදු කළ සෝදිස මෙහෙයුමකදී රුපියල් විසිපන් දහසක් වටිනා හෙරොයින් තොගයක් සමගින් සැකකරුවන් හය දෙනෙකු අනුරාධපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හොරොයින් මිලි ග්‍රෑම් 2665 තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර නගර සීමාවේම පදිංචි වයස අවුරුදු 17ත් 20ත් අතර පසුවන්නන් වූ අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් පස් දෙනෙකුට රුපියල් 25000/= ක දඩ නියම කල අතර ඉතිරි සැකකරු ඇප මත නිදහස් කර තිබේ.

උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්තසිරි මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී වනිගතුංග මහතාගේ අධීක්ෂණය යටතේ , අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රියන්ත ලියනගේ, සුරාබදු පරීක්ෂක අජිත් වර්ණකුලසූරිය, නියාමකවරුන් වන 1102 බුද්ධික බටගල්ල, 1126 ලහිරු රාජපක්ෂ , 1204 මධුසංක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.