නිවාඩු නිකේතයක මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි කොළඔ පෞද්ගලික පාසලක තරුණ තරුණියන් 20 කට වෙච්ජ දේ්?

Report
නිවාඩු නිකේතයක මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි කොළඔ පෞද්ගලික පාසලක තරුණ තරුණියන් 20 කට වෙච්ජ දේ්?
1Shares

පිළියන්දල දම්පේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සංවිධානය කර තිබු උපන්දින සාදයක් වටලා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි තරුණ තරුණියන් 20 දෙනෙකු සමගින් බීර,ගංජා හා ,අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කැස්බෑව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 31 පුද්ගලයකු උපන්දින සාදයක් මුවාවෙන් සංවිධානය කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පිළිගත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලද තරුණ තරුණියන් සදහා බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

උපාය දුතයන් දෙ දෙනෙකු මාර්ගයෙන් මෙම සාදය පැවැත්වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසුව වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් 15 දෙනා සහ සැකකාරියන් 05 දෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර පසු වූවන් වන අතර උපන්දින සාදය සංවිධානය කරන ලද පුද්ගලයා වයස අවුරුදු 31 ක පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් ඊයේ (16 )දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රු.7500/= බැගින් වූ රු.150,000/= ක දඩ පමුණුවා ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම මහතාගේ උපදෙස් පරිදි, අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ මග පෙන්විම යටතේ ,බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ජේ.ඒ සිල්වා , කොළඹ නගරය 1 සුරාබදු අධීකාරි එල්.ඩී පද්මසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ,කැස්බෑව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක එල්.පී ප්‍රනාන්දු , සුරාබදු පරික්ෂක ජනක බටුවිටආරච්චි සහ ජානක සමන්ත ,න් , සුරාබදු නියාමක කෝසල, ලලන්ත, නිපුන, කමල්, හේවගේ, කාන්තා නියාමිකාවන් වන කාන්ති , පුෂ්පා සහ සුරාබදු රියදුරු රුවන් යන නිලාධාරිහු මෙම වැටලීම සිදු කළහ..