අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළි වේ.

Report
1Shares

ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ගේ මරණය විෂ ශරීර ගතවීමක් හෝ සැකකටයුතු හේතුවක් මත සිදුවුවක් නොවන බවට අනාවරණය වී තිබෙනවා.

ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම මරණය හෘදයා බාධයක් හේතුවෙන් සිදුවුවක් බවට සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

පසුගිය ජුනි මස 03 වනදා කොයිම්බර්තූර්හි රෝහලක දී මියගිය බවට වාර්තා වු අංගොඩ ලොක්කාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් බවට විවිධ වාර්තා පලවී තිබුණ ද

සිදුකළ පරික්ෂණවල දී එම මරණය ස්වභාවික හේතුවක් මත සිදුවූවක් බවට නිගමනය කළ හැකි බව ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර තිබේ.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා“ ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් “ප්‍රදීප් සිං“ යන නමින් වසර දෙකක පමණ කාලයක් පෙනී සිට ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් මෙරට ආරක්ෂක අංශ විසින් “අංගොඩ ලොක්කා“ ඉන්දියාවේ දී මියගොස් ඇති බවට මෙතෙක් සනාථ කර නැහැ.