දකුණු පලාතේ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග 15 අත්අඩංගුවට

Report
 දකුණු පලාතේ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය  සමග  15 අත්අඩංගුවට
0Shares

ගාල්ල නගරය, තනිපොල්ගහ, කරාපිටිය හා මිලිද්දූව යන ප්‍රදේශයන්හි රහසිගතව සිදු කළ විශේෂ මෙහෙයුමක දී රුපියල් එක් ලක්ෂ පනස්දහසක් වටිනා ක්‍රිස්ටල් මෙත්ඇම්පිටමීන් හෙවත්අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 15 දෙනෙකු ගාල්ල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේමදන මෝදක , අයිස් මිලි ග්‍රෑම් 800 ක් තිබු බව දකුණු පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා පවසයි.

මත්ද්‍රව්‍ය භාවිතායට ඇබ්බැහිවු තරුණයින් සියළුම දෙනා අවුරුදු 18ත් 27 යන වයස් කාණ්ඩවල නිරත ගාල්ල ,තනිපොල්ගහ ,කරාපිටිය හා මිලිද්දුව ප්‍රදේශවල පදිංචි කරුවන් බවද චන්න වීරක්කොඩි මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් 15 දෙනා හට එක් අයෙකුට රුපියල් 5000/= බැගින් එකතුව රුපියල් 75000/= ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය

දකුණු පළාත් වැඩබලන සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත, ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල සුරාබදු ස්ථානයෙහි ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඩී.සී. සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක නලීන් නන්දසිරි , සුරාබදු සැරයන් විරාජ් හේමපාල කෝප්‍රල් 814 සම්පත් රණසිංහ , නියාමක 899 ඉන්දික ධර්මප්‍රිය, රියදුරු බුද්ධික ප්‍රසන්න යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.