කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක්.

Report
2Shares

අද (22) උදෑසන කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මෙලෙස අධික තදබදයක් හටගෙන ඇත්තේ, අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මේ අතර ඊයේ රාත්‍රී කාලයේ කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ඇදහැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.