කතරගමට නව බස්නායක නිළමෙවරයෙක් පත් කෙරේ.

Report
2Shares

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඩිෂාන් ගුණසේකර මහතා පත්ව තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අද (22) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී ඔහු නිතරඟයෙන් නව බස්නායක නිළමේවරයා ලෙස තේරී පත්වූ බවයි.

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස කටයුතු කළ ඩිල්රුවන් රාජපක්ෂ මහතා මෙවර ඡන්ද විමසීමට ඉදිරිපත් නොවූ බවයි වාර්තා වන්නේ.