ජනපති තුමනේ මාව ගෙන්න ගන්න ... මගේ දරුවට ආරක්ෂාව ඕනි මෙන්න වැන්දා (VIDEO)

Report
25Shares

ශ්‍රී ලංකාවේ සිටින තම එකම දරුවට රැකවරණය ලාබාදීම වෙනුවෙන් තමන්ව මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස කුවෙයිට් හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන කාන්තාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

මෙම කාන්තාව ගෘහ සේවය සඳහා කුවෙයිට් රාජ්‍යයට ගොස් ඇත්තේ තමාගේ කුඩා දරුවාව තමන්ගේ සොයුරාගේ භාරයේ තබමින්.

කෙසේ වෙතත් එම සොහොයුරා සහ ඔහුගේ බිරිඳ මේවන විට සිර භාරයේ පසුවන බැවින් මෙම දරුවට පිළිසරණක් නොමැති බවයි එම කාන්තාව පවසන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවදානම යොමු වේවායි එම කාන්තාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.