දෝතළුඔය වත්තේ මහා පරිමාන නිෂ්පාදනාගාර වලට වෙච්ජ දෙයක් ?

Report
දෝතළුඔය වත්තේ  මහා පරිමාන නිෂ්පාදනාගාර වලට වෙච්ජ දෙයක්  ?
1Shares

මාවනැල්ල දෝතළුඔය වත්ත ප්‍රදේශයේ කැලෑ පෙදෙසක ඉතා රහසි ගතව පවත්වාගෙන ගිය මහා පරිමාන මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වටලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු කෑගල්ල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලිලීටර් 8550 ක්, නීති විරෝධී ලෙස සාදන ලද අරක්කු මිලිලීටර් 360,000 ක්, කසිප්පු පෙරීම සඳහා යොදා ගන්නා දඟරයක්, බැරල් 2ක් හා තවත් උපකරණ රැසක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මහජනතාවගෙන් ලද තොරතුරු වලට අනුව යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ සහයෝගය මත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 25, 30 සහ 35 වයස්වල පසුවන දෝතළුඔය වත්ත ප්‍රදේශයේම පදිංචි දමිළ පුද්ගලයන් වන අතර ඔවුන් ලබන 27 වන අඟහරුවාදා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබරගමුව පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් රොහාන් විජේරත්න සහ සුරාබදු අධිකාරි කේ.ජී.එම්.වී.ආර්. විජේරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත, කෑගල්ල සුරාබදු ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක නිමල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක සමරතුංග , සුරාබදු සැරයන් 690 බරණගල , සුරාබදු නියාමක 1036 ක්‍රිශාන්ත , සුරාබදු රියදුරු අනුර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.