හෙට සිට PCR පරීක්ෂණ වාර්තාව අනිවාර්යයි.

Report
හෙට සිට PCR පරීක්ෂණ වාර්තාව අනිවාර්යයි.
2Shares

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) විසින් අද නිකුත් කළ නියෝගයට අනුව, හෙට (18) සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සියලුම මගීන් COVID-19 PCR පරීක්ෂණ වාර්තාවක් සිදු කර තිබීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව සිය පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත එම

පරීක්ෂණයට මුහුණ දී සිටිය යුතු බව අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට දැනුම් දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ.

මෙම ක්‍රියාවලිය හෙට සිට ක්‍රියාත්මක වන බැවින් වැඩිවිස්තර ගුවන් මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිත ඇමතීමෙන් හෝ +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලබාගත හැක. එසේත් නොමැතිනම් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසෙන්න .