කොරෝනා සමයේ මත් ජාවාරමට තිත.

Report
කොරෝනා සමයේ මත් ජාවාරමට තිත.
2Shares

දොම්පේ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් රුපියල් 60 000/- වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු පුගොඩ සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී සාදන ලද අරක්කු මිලිලීටර 90,000 ක් සමග ඒවා අඩංගුව තිබූ බැරලයක් හා කෑන් දෙකක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

සැකකරු කොරෝනා වසංගත කාලයේ මත්පැන් ජාවාරම සුක්ෂම අයුරින් පවත්වාගෙන යාම සදහා සැලසුම් කළද නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා එය වැලකි ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර අදාල සැකකරු සුරාබදු ඇපමත මුදාහැර නොවැම්බර් මස 11 වැනි දින පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර, සුරාබදු අධිකාරි ලක්ෂ්මන් පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත, පූගොඩ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක විරාජ් ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක සුරවීර, සුරාබදු නියාමක 608 ඩේල් සහිරාන් , 144 ශාන්ත කුමාර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.