කොරෝනා රෝගීන් 08ක් නිසා ගම්මාන 05ක් හුදෙකලා කෙරේ.

Report
100Shares

දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ පැවසුවේ, මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බවයි.

ඒ අනුව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පැවසුවේ, නැවත දැනුම්දෙනතුරු දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදෙකලා ගම්මාන බවට පත්කළ බවයි.