අත්අඩංගුවට ගත් ගංජා හේනේ තිබී අඩි හතරක් පමණ උසට හොදට සරුවට වැවී තිබු ගංජා ගස් 520 ක් පමණ කපා විනාස කළ බව මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවිපතිරණ මහතා පවසයි.
සුරාබදු නියාමක ධනුෂ්ක මහතාට ලද ඔත්තුවකට අනුව හම්බේගමුව රක්ෂිතයේ වනසතුන්ගෙන් බේරි සැතපුම් කිහිපයක් කෑලෑව තරණය කොට ගිය විට අමුමිරිස් හා දෙහි වගාවක් මැද ඉතා රහිසිගතව වගා කර තිබු ගංජා හේන සොයා ගැනීම සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.ගංජා හේන වටලන අවස්ථාවේ සැකකරුවන් හතර දෙනෙකු කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මධ්‍යම පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න ,සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ,මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවිපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂක උදය එදිරිසිංහ ,සැරයන් 843 ජයලත්,කෝප්රල් 787අනුර මහින්ද,නියාමක 1139 ධනුෂ්ක,රියදුර ජගත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.