සැලුන්වලදී ඇඟ වහන්න වරක් භාවිත කර ඉවත දමන නව නිර්මාණයක්.

Report
0Shares

රූපලාවණ්‍ය කටයුතු, හිසකේ කැපීම වැනි අවස්ථාවලදී ආරක්ෂාකාරීව පැලඳිය හැකි ආවරණයක් නිර්මාණය කිරීමට බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තරුණයෙක් සමත්ව සිටියි.

එක් වරක් පමණක් භාවිත කළ හැකි ආකාරයට මෙම ආවරණය සකස් කර තිබේ.

අද වනවිට රූපලාවණ්‍යාගාර, බාබර් සාප්පු වැනි ආයතනවලදී එකම ආවරණය සෑම පාරිභෝගිකයකුම පැලඳීම තුළින් විෂබීජ ශරීරගත වීමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා මෙම ආවරණය ආරක්ෂාකාරී එකක් බවට පත්වනු ඇත.

බුලත්කොහුපිටිය, නෙව්ස්මියර් ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන එම්.ඒ. සම්මි පෙරේරා නව නිර්මාණයක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.

​මෙම ආවරණය සෑදීම සඳහා ඇඳුම්වල කොලරය සඳහා භාවිත කරන පේපර් ස්ටික්, රෙදි කැබැල්ලක්, විෂබීජ නාශක සහ ඇසුරුම් කිරීම සඳහා කාඩ්බෝඩ් පෙට්ටි යන අමුද්‍රව්‍ය භාවිත කරනු ලබයි.

ඇසුරුම් කළ මෙම සේෆ් කවර පැකට්ටුවක් රුපියල් 30ක පමණ මුදලකට මොහු විසින් වෙළෙඳපොළට නිකුත් කරන අතර සැලුන් සහ වෙළෙඳසල්වලින් රුපියල් 50ක පමණ මුදලකට පාරිභෝගික ජනතාවට මෙය මිලදීගත හැක.