ඇමරිකාවේ ගුවන් යානා දෙකක් අනතුරට ලක්වී සියලු මගින් මරුට

Report
1Shares

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දී ගුවන් යානා දෙකක් අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් සියලුදෙනා මියගොස් තිබේ.

ඒ අතර, රාජ්‍ය නීති සම්පාදකයෙකු ඇතුළු පුද්ගලයින් 7දෙනෙකු සිටි බව වාර්තා වේ.

අනතුරින් විනාශ වු ගුවන් යානා දෙනෙක් එක් ගුවන් යානයක නියමුවා පමණක් සිට ඇති අතර අනෙක් ගුවන් යානයේ 6 දෙනෙක් ගමන්කර ඇත.

අනතුරට ලක් වු ගුවන් යානා දෙකේ සුන්බුන් එරට අධිවේගී මාර්ගයකට වැටී ඇති අතර මේ හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ.