පුද්ගලයින් 107 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි.

Report
20Shares

පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී 107 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

එහි මගීන් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙකු ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස කඩා වැටී ඇත්තේ, ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබු යානයකුයි.

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට A320 වර්ගයේ මෙම යානය කඩා වැටී ඇති අතර අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මේවන විට ගුවන්යානය කඩා වැටී ස්ථානයට ගිලන් රථ සහ සහන කණ්ඩායම් පැමිණ තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පකිස්ථානය තුල මෙවැනි ගුවන් අනතුරු රැසක් සිදුවන බවයි.